ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර 50ක් පමණ එහි නිලධාරීන් පිරිසක් විසින් බෙදා ගෙන ඇතැයි වාර්තා වෙයි.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන පරිදි එම කොමිෂන් සභාවේ නිලධාරීන් 396 දෙනෙකු පර්චසය රු. 1000ක මිල යටතේ පර්චස් 20 බැගින් ලබා ගෙන තිබේ.
කොමිෂන් සභාවේ වසර 5ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන්ට මෙලෙස ඉඩම් අක්කර 49යි පර්චස් 35.64ක් 2009 සිට 2023 දක්වා ලබා දී ඇත.
1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ 44 (ඕ) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාව විසින් සේවයේ යොදවා ගෙන සිටින තැනැත්තන් සඳහා අර්ථසාධක අරමුදලක් පිහිටුවීම, ශුභසාධන හා විනෝද ක්‍රීඩා පහසුකම් සහ නිවාස හා නේවාසිකාගාර හා වෙනත් ඉඩකඩ සැපයීම් සිදුකළ යුතු බවට වන ගැටලුසහගත අර්ථකථනයන් මත පදනම්ව ඉඩම් ලබාදී ඇති බව ද විගණනය මඟින් අනාවරණය කොට ඇත.