ඇවිළු ගින්න පාරා වළල්ලක් වෙයි…! දුමින්දගේ ගේ ගිනි තැබූ 04ක් අත්අඩංගුවට…!

May 14, 2022 at 5:05 pm | by emanisa.lk

ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජතික සංවිධායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ අනුරාධපුර නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගාලු මුවදොර හා අරලිගහ මැදුර අසල ඇති වූ ගැටුමින් පසු රට පුරා මැති ඇමැති නිවාස රැසකට ගිනි තැබීමේ සිද්ධීන් රැසක් වාර්තා විය. එම කලහ කාරී සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැවූ පොලිසිය එම ව්‍යපාරිකයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

තිදෙනකු අනුරාධපුර නගරයේ පදිංචිකරුවන් වන අතර එක් අයකු මිහින්තලේ පදිංචි කරුවෙකි. සැකකරුවන් හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දුමින්ද දිසානායක ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන අයකු වන අතර ඔහු ගාලු මුවදොර ගැටුමට සම්බන්ධ වූ අයකු ද නොවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *