ඇවන්ගාර්ඩ් සේනාධිපති අල්ලස් නඩුවෙන් නිදහස්….! අල්ලස් කොමිසම නඩුව ඉල්ලා අස්කර ගනී…!

July 27, 2021 at 2:03 pm | by emanisa.lk

රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත්කර තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහාධිකරණ තීන්දුවට එරෙහිව තම සේවාදායකයින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත්කළ බවත් එම ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 15 වනදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දැනුම්දුන් බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එම කොන්දේසියට යටත්ව තම සේවාදායකයා අභියාචනාධිකරණය හමුවේ පැවති ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගත් බව නීතිඥ අජිත් පතිරණ මහතා පැවසීය.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි ජයරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට නැවත නඩු පැවරීමේ අයිතිය රඳවාගනිමින් එම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් තමන්ට උපදෙස් ලැබී ඇතැයි සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *