ඇවන්ගාර්ඩ් පට්ට ගැසූ රාජිත සේනාධිපතිගෙන් ලක්ෂ 200ක් කප්පම් අරන්! සියලු ලියකියවිලි රට හමුවේ තබයි! පොලිසියට නඩු නොපවරා ඉන්න බැරි තැනට පත්වෙයි! – (video)

July 2, 2020 at 10:28 pm | by emanisa.lk

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇවන්ගාර්ඩ් ආයතනයෙන් 2015 වසරේ දී රු. ලක්ෂ 200ක් කප්පම් ලබා ගත් ආකාරය එවක යහපාලන රජයේ අධිකරණ ඇමති ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ අද (02) මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේය.

විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ලේඛන අනුව අවස්ථා තුනක දී ලක්ෂ 50 බැගින් චෙක් පත් මගින් ද එක් අවස්ථාවක මුදලින් ලක්ෂ 50ක් ද ලබා ගෙන තිබේ.

මේ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රු. ලක්ෂ 200ක් කප්පම් ලබාගත් බව තහවුරු වන අතර මෙම තොරතුරු අනාවරණය වීමත් සමග කප්පම් ගැනීමේ චෝදනාව යටතේ රාජිත සේනරාත්නට එරෙහිව නඩු පැවරීම අනිවාර්ය වන තත්ත්වයක් උදා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස