ඇල්පිටිය ඡන්දය කල් දැමීමේ ආණ්ඩුවේ තැත වරදියි! ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ ඡන්ද අයිතිය සුරකියි!

September 25, 2019 at 5:08 pm | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අද (25) නියෝග කළේය.

මෙම පෙත්සම සලකා බැලීමට නීතිමය පදනමක් නොමැති හෙයින් ගාස්තු රහිතව ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු විජිත් මලල්ගොඩ, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මෙම මැතිවරණය 2017 වසරේ කැඳවනු ලැබූ නාම යෝජනා ලැයිස්තුව පදනම් කරගෙන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය අද අවධාරණය කළේය.

මෙම මැතිවරණය 2017 වසරේ කැඳවනු ලැබූ නාම යෝජනා ලැයිස්තුව පදනම් කරගෙන පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බව සහ දින නියම කිරීම සිදු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බව පවසමින් පෙත්සම්කරුවන් සිය පෙත්සම ගොනුකර තිබිණි.

මෙම පෙත්සම ගොනුකළ තිදෙනා ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි එජාප පාක්ෂිකයන් බව පෙත්සමේ සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස