ඇල්පිටියේ ශ්‍රීලනිපයට 12%ක් ඡන්ද ලැබුණා! ශ්‍රීලනිප නායකයෝ උදව් කළා නම් මම ජනාධිපති වෙනවා! – කුමාර වෙල්ගම

October 14, 2019 at 11:17 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටීමට බොහෝදුරට ඉඩ ඇති බවත්,
කුමන තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් කිසිදු ලෙසකින් පොහොට්ටු ඉදිරියේ කතිරය නොගසන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අවධාරණය කරයි.

ඊයේ (12) පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිපල විග්‍රහ කරමින් මාධ්‍ය හමුවේ ඔහු ඒ බව සඳහන් කළේය.

”වත්මන් දේශපාලන තත්ත්වය ඔයගොල්ලන් දැක්ක ඊයේ තිබ්බ ප්‍රතිඵලවලින්. මම නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද පන්දහස් තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් ගත්තා. ඒ කියන්නේ 12% කට වැඩි ප්‍රතිශතයක් ලබා ගත්තා.

ඉතින් ඒ නිසා ඒකෙන් පේනවා මෙච්චර මේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ගහද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැරදි මාර්ගයට නායකයෝ ගෙන යන වෙලාවේදී මේ වගේ ප්‍රගතිශීලී ජනතාවක් ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවේ සිටීම ගැන මම පළමුවෙන්ම ඒ ජනතාවට ස්තූතිවන්න වෙනවා.

මම ඇප බැන්දේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. එහෙම නැතුව වෙන සංවිධානයක් මට තිබුණේ නැහැ. මට ඕන කරේ රටට යම්කිසි වැඩක් කරන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් කියලා කියාගන්න අය මට ඒකට හරස් කැපුවා.

ඒක මම නැවැත්තුවේ මොකද මට ඒ වෙලාවේ හයියක් දෙන්න මිනිහෙක් හිටියේ නැහැ. මම හිතුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා ඇතුළු කට්ටිය ඒ ගොල්ලන් ඉල්ලන්නේ නැත්නම් ශ්‍රී ලංකා කාරයෙක් හැටියට මට උදව් කරයි කියලා. ස්වාධීනව ඇප බැන්දේ ඒකයි. මම ඇප බැන්දේ මම හිතුවා මේගොල්ලන් මට සහයෝගය දෙයි කියලා. මේගොල්ලන් වචනෙකින් හරි මට සහයෝගය දුන්නා නම් මට ඉදිරියට යන්න තිබ්බා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස