පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවූ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහභාගී වී නොමැත.
කෙසේ වුව ද ඊට පසු අගමැතිවරයා විසින් සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගෙන පැවැත් වූ රැස්වීම සඳහා ඇමැති හරීන් ප්‍රනාන්දු සහභාගී විය.
හරීන් ප්‍රනාන්දු මෙලෙස ජනාධිපතිවරයා කැඳවූ රැස්වීම සඳහා සහභාගී නොවීමෙන් තහවුරු වන්නේ ඔහු ජනාධිපතිවරයා මායිම් නොකරන බව යැයි විචාරකයෝ පවසති.