ඇමැති සරත්ගේ රස්සාව නිරූපිකාවන්ගේ ඇඳුම් අදින එක නෙමෙයි….! නාට්ටාමි රස්සාව මම ගෞරවයෙන් භාර ගන්නවා….! – චමුදිත නැවතත් පරළ වෙයි….

June 5, 2021 at 10:35 am | by emanisa.lk

පියුමි හංසමාලී තමා නාට්ටාමියෙකු ලෙස හැඳින්වීම ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත් තමා ජනතාවගේ බර අදින නාට්ටාමියෙකු බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සඳහන් කරයි.

හිරු රූපවාහිනියේ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (05) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

නිරෝධායන නීතිය ක්‍රියාත්මක වීමේ දී රටේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව නීතිය වෙනස් විය නොහැකි බව ද අවධාරණය කළ හෙතෙම නිරෝධායන නීති නොතකා අත්අඩංගුවට ගන්නා පිරිස් ගැන නැවත හිරු නාළිකාවෙන් ප්‍රචාරය නොකරන බව ද අවධාරණය කළේය.

ඇමති සරත් වීරසේකර තම ඇමැති ධුරයේ රාජකාරී නිසි ලෙස කරනු මිස නිරූපිකාවන්ගේ ඇඳුම් අදින එක ඔහුගේ කාර්යයක් නොවන බවත් හෙතෙම එහි දී කියා සිටියේය.

ෂැංග්‍රිලා හෝටලයේ නිකුත් කළ CCTV දර්ශන පිළිගත නොහැකි බවත් ඉදිරියට තවත් රහස් හෙළි කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් පියුමි හංසමාලීගේ ඇඳුම් බෑගය රැගෙන ගිය වෛද්‍යවරයා සහ බිරිඳ කවුදැයි ඔහු ප්‍රශ්න කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස