ඇමැති සභාපති ගැටුමට ජනපති මැදිහත් වෙයි…! කෙහෙළියට සෞඛ්‍ය ඇමැතිකම අහිමි වෙයි..?

October 25, 2021 at 7:11 am | by emanisa.lk

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ගත් තීන්දුව මසකින් කල් දමන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා තිබේ.

මේ හේතුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපහසුතාවකට මුහුණ දී ඇති බව වාර්තා වෙයි.

මීට පෙර මාධ්‍ය වාර්තා මගින් වාර්තා වුණේ ප්‍රසන්න ගුණසේන ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඊට හේතුව වී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සමග ඇති කරගත් මතගැටුමක් බවත්ය.

සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව ඊයේ දින දක්වාම කෙහෙළිය රඹුක්වැල්ල පාර්ශ්වය ජය ගෙන ඇති බව පෙනෙන්නට තිබුණ ද ජනාධිපතිවරයා මේ සිද්ධියට මැදිහත් වීමත් සමග තත්ත්වය වෙනස් වී ඇති බවයි

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය තනතුරින් ඉවත්ව යාමේ වාතාවරණයක් මතුව ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *