ඇමැති විමල් දුම්වැටි ප්‍රවර්ධනය වැරදියි…! කැබිනට් මණ්ඩලයෙන් පන්නා දමනු…!

March 18, 2021 at 11:51 pm | by emanisa.lk

දුම්බීම ප‍්‍රවර්ධනය කිරීම වැරදි සහ නීති විරෝධී කටයුත්තක් බවත් හරිනම් විමල් වීරවංශ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් එලවා දැමිය යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න පවසයි.

කුරුඳු දුම්වැටියක් හඳුන්වා දීමට අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය හමුවක් පැවැත්වීම ගැන අදහස් පල කරමින් ඔහු ඒ බව කීය.

කුරුඳු දහනය වීමෙන් ඇති වන දුම පෙනහළුවලට අහිතකර නැතැයි කිසිදු පර්යේෂණයකින් තහවුරු වී නැතැයිද ඔහු පැවසීය.

පසුගිය ආණ්ඩුවේ තමන් සෞඛ්‍ය ඇමති ලෙස සිටිය දී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවත් ඒ ගැන කළ සොයා බැලීමක දී කුරුඳු දුම ශරීරයට අහිතකර නැතැයි කිසිදු පර්යේෂණයකින් තහවුරු කර නැති බවට තහවුරු ව‍ූයේ යැයිද ඔහු කියා සිටියේ ය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *