ඇමැති විමල් කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය කළ නිසා දුම්කොළ පාලනයට දුන් අරමුදල් කපනවා….! – ලෝක සෞඛ්‍ය සංවිධානය…

March 26, 2021 at 10:55 am | by emanisa.lk

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය වෘත්තීය නිලධාරී තිරුපති සුවීන්ද්‍රන් ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයා මේ බව සඳහන් කරන ලද්දේ පෙරේදා (24 වැනිදා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතිය (FCTC) යටතේ ක්‍රියාත්මක 2030 දක්වා වූ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජයේ වසර 04ක් තිස්සේ ආධාර ලැබී ඇතැයි ද එම ආධාර තවත් වසරක දුම්කොළ පාලන වැඩපිළිවෙළ වෙනුවෙන් දීර්ඝ කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

“ශ්‍රී ලංකාව මීට පෙර දුම්කොළ පාලන අධ්‍යයනයන් හේතුවෙන් ලෝකයට ආදර්ශයක් සැපයුවා. නමුත් මේ නීතිවිරෝධි දුම්වැටි නිසා එම තත්ත්වය වෙනස් වෙනවා.” යැයි හෙතෙම සඳහන් කළේ ය.

මේ අතර කුරුඳු දුම්වැටි අලෙවි කිරීමේ යෝජනාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ කැබිනට් ඇමැතිවරයකු ද මැදිහත්ව “කුරුඳු දුම්වැටිය දුම්කොළ පාලනයට හානි රහිත විකල්පයක්” යනුවෙන් කෙරෙන ප්‍රචාරය සාවද්‍ය එකක් බවයි.

මෑතක දී සිදුකළ පර්‌යේෂණයක දී හෙළි වී ඇති ආකාරයට කුරුඳු දහනයෙන් පෙනහළුවල පටකවලට සැලකියයුතු හානියක් සිදුවන බව එම සංගමය පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *