පසුගිය 09 වෙනිදා ගිනි තබා විනාශ කළ හිටපු ඇමැති ප්රසන්න රණවීරගේ නිවස ගොඩනැඟීමේ කටයුතු ගම්පහ ජනතාව භාරගෙන තිබේ. මේ ඒ පිළිබඳ ප්රසන්න රණවීර සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනකි.
මගේ දේශපාලන ජිවිතයේ අද වඩාත් සංවේදී දවසක්.
ගිනිතබා විනාශ කල මාගේ නිවස, ප්රදේශයේ සහ දිස්ත්රික්කයේ ජනතාව නැවත ගොඩනැගීමට ලෙන්ගතුව එකතුවීම මාගේ දේශපාලනයේ සමාජ අස්වැන්නක් කියලයි මම හිතන්නේ.
මට ඒ සදහා හිත එකග කරගැනීමට පවා දින කීපයක් ගතවුනා. ජනතාවගේ අපහසුතා පිළිබඳව මට හොද අවබෝධයක් තියෙනවා.
මම හම්බ කරපු ව්යාපාරික ප්රජාවක් නැහැ. මට ඉන්නේ හිතවත් මිනිස්සු පිරිසක්. ඔවුන් ස්වේච්ඡාවෙන් මේ සඳහා ඉදිරිපත්වීම පිළිබඳව දේශපාලඥයෙක් හැටියට මට තියෙන්නේ නිහතමානී සතුටක්.
මම විශ්වාස කරනවා මේ බැදීම මම දේශපාලනයේ තව තවත් ශක්තිමත් කරා කියලා. ඒ වගේම විශාල වගකීම් සහගත බවක් මට දැනෙනවා.
රටට, මගේ පන්තියේ මිනිස්සුන්ට මම හැමදාමත් සාධාරණය ඉටු කරන්න උත්සහ කර පොඩි මිනිහෙක්.
මගේ මේ නිවස ගොඩනැගුවේ මම දුක් මහන්සියෙන්, මගේ බිරිඳගේ, ඇගේ දෙමාපියන්ගේ කැප කිරීමෙන්. ඒ බව මගේ සමීප හිත මිතුරන් දන්නවා.
මගේ මිනිසුන්ගේ ඉදිරිපත්වීමට මම සදා ලෙන්ගතුයි.
ස්තුතියි සැමට.