ඇමැති ප්‍රමිත කිසිවෙකු නොගත් සුපිරි තීන්දුවක් ගනී…! වරාය ආදායම ඩොලර් මිලියන 100 පනී…!

April 27, 2022 at 9:21 am | by emanisa.lk

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නැව් සමාගම් විසින් මීට පෙර ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවනු ලැබූ ගාස්තු ඍජුවම ඇමරිකානු ඩොලර්වලින් ගෙවීමට අවස්ථාව සලසා දීමට නව වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පියවර ගෙන ඇත.

මෙය වරාය ඉතිහාසයේ සිටි කිසිදු අමාත්‍යවරයකුට සිදු කළ නොහැකි වූ කටයුත්තක් බව වරාය සේවකයන්ගේ අදහස වී තිබේ.

මේ මගින් වරායට ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 ඉක්මවනු ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වරාය අධිකාරියේ සියලු ම පාර්ශ්ව සමග සාකච්ජා කොට ඔවුන් සියලු දෙනාගේම එකඟතාව මත මෙම කටයුත්ත කිරීම ද විශේෂ සිදුවීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *