ඇමැති ඩලස් මහාචාර්ය නීලිකා මලවිගේගෙන් සමාව ඉල්ලයි…!

September 9, 2021 at 1:07 pm | by emanisa.lk

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේගෙන් සමාව ඉල්ලා තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහාචාර්ය මලවිගේ විසින් සිදුකරන ලද දේශනයක් විකෘති කළ පළ කිරීම සම්බන්ධයෙන් ඇයට සිදුවු සිත් වේදනාව තමන් අවබෝධ කරගත් බවයි.

එනිසා සියලු ජනමාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් තමන් පුද්ගලිකව ඈ අමතා සමාව ඉල්ලූ බවද ඔහු කියා සිටී.

මේ බව සඳහන් කරමින් ඒ මහතා තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

“මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය සහෝදර පූරවැසියන් එයින් මූදවාගැනීම සඳහා ඇයගේ දැනුම, හඬ, පෞරුෂය කැපකරන සමාජ නායිකාවක්. ඉහත අන්දෝලනයට පාදක වූ, ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කළ වෙබ් සම්මන්ත්‍රනයේ දී ඇය විසින් කරන ලද මුළු කතාව ම මා විසින් පෞද්ගලිකව ශ්‍රවණය කළා. එම නිසා ම ඇය විසින් කළ ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියලු දෙනා ම සංවේදී විය යූතුයි.

එම නිසා මා සියලුම මාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් ඇයට ඊයේ දිනයේ පුද්ගලිකව ආමන්ත්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලුවා. එම නිසා මේ අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනුවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියලු ම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *