ඇමැති කෙහෙළිය සමඟ ගැටුමක්…! ඖෂධ සංස්ථා සභාපති ඉල්ලා අස්වෙයි…?

October 19, 2021 at 10:20 am | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමග රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි ගැටුමක් ඇති කර ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම ගැටුම නිසා ප්‍රසන්න ගුණසේන සහ ලලිත් ජයකොඩි ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව අනාවරණය වේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම තනතුරු හිස්වනු ඇති බව වාර්තා වේ.

මෙම දෙදෙනාගේ ක්‍රියාකලාපය පසුගිය දින කිහිපය පුරාම අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *