කාංචන විජේසේකර ඇමතිවරයාට දැන් කිරීමට තිබෙන හොඳම දේ සිය තනතුරෙන් ඉල්ලා අස් වීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
ඒ, ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අද නෙවෙයි හෙට යැයි කියමින් ජනතාවට ඇත්ත සඟවමින් හැමදාම කටයුතු කළ නොහැකි අතර රටේ ජනතාවට අවශ්‍ය ලෙස වැඩපිළිවෙළ සෑදිය යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ වන විට රැකියාවන් අහිමි වී නිවසට වී සිටින්නට සිදු වී තිබෙන අයගේ පවුල් රැක ගැනීමට හැකි මැදිහත්වීම කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව ද විජේසිරි අවධාරණය කරයි.
කෙසේ වෙතත් මේ වන විට රටේ සහ ලෝකයේ සහයෝගය නැති රාජපක්ෂ –වික්‍රමසිංහ ආණ්ඩුව පලවා හැරීමට සියලු ම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවයි, ඔහු වැඩි දුරටත් කියා සිටියේ.