ඇමැතිට එරෙහිව හිඟුරානේ උද්ඝෝෂණයක්..! සඟ රුවන පෙරටුව දහස් ගණනක් මහ පාරට…!

January 13, 2022 at 8:42 am | by emanisa.lk

නැවත ආරම්භ කළ හිගුරාන සීනි සමාගම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර විසින් විනාශ කරන බවට චෝදනා කරමින් ඊයේ (12) දින හිඟුරානේ ජනතාව දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

ඊට ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු දහස් ගණනක පිරිසක් එක්ව සිටිනු දැකගත හැකිවිය.

ගල්ඔය වැවිලි සමාගම රජයට පවරා ගන්නා බවට වක්කුඹුර අමාත්‍යවරයා කළ ප්‍රකාශයට එරෙහිව ‌මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *