ඇමැතිගේ තනි මතේට තෙල් මිල නැංවීම නීති විරෝධියි…! වහා ම පහත දමනු….! – පාඨලී

June 13, 2021 at 10:43 pm | by emanisa.lk

ඛනිජ තෙල් පිළිබඳ ආඥා පනතේ 66 වන වඟන්තියට අනුව මුදල් ඇමැතිවරයාගේ එකඟතාවකින් තොරව ඛනිජ තෙල් මිල ඉහළ නැංවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

එසේ මුදල් ඇමැතිවරයා දැනුම්වත් නොකර ඛනිජ තෙල් මිල ඉහළ නංවා ඇත්නම් මුදල් ඇමැතිවරයා එය වහා ම අඩු කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අවසාන තෙල් නැවෙහි තෙල් ලංකාවට පැමිණියේ ලීටරය රු. 95.50 ගණනේ බවත් වැඩි කළ මිලත් සමඟ දැන් රු. 62ක වෙනසක් ඇති බවත් පාඨලී චම්පික පෙන්වා දෙයි.

තෙල් මිල වැඩි කිරීම ඔස්සේ ආණ්ඩුව රු. කෝටි 5000ක පමණ ආදායමක් ලබා ගන්නා බව පවසන පාඨලී චම්පික යහපාලන ආණ්ඩුව පැමිණි වහා ඛනිජ තෙල් මිල පහත හෙළා ජනතාවට සහන දුන් බව ද ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *