ඇමැතිකම ගැන අඳෝනා තියන්නේ වැඩ බැරි පුස්සෝ….! වැඩ කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න….! උක් ඇමැතිගෙන් බතික් ඇමැතිට ප්‍රහාරයක්…

July 5, 2021 at 11:33 am | by emanisa.lk

ඇමැති තනතුරුවල විෂයන් සීනි ද, බතික් ද, මැටි ද යන්න කුමක් වුවත් ඒ විෂයයන්වල ප‍්‍රගතියක් ඇති කිරීමට වැඩ කළ හැකි අයට හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

වැඩබැරි අය තමන්ට ලැබුණු ඇමතිකමේ විෂයයන් ගැන පාරම් නොබා ඉල්ලා අස්විය යුතු යැයි උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබුනැටි, බුලත් ආශ‍්‍රිත කර්මාන්ත සහ අපනයන ප‍්‍රවර්ධන ඇතුළු කුඩා භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අවධාරණය කළේ ය.

“ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපිට මේ ඇමතිකම් දුන්නේ. එතුමා ඉදිරියේ අපි දිවුරුම් දුන්නේ. අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාත් අපිට දුන් ඒ ඇමතිකම්වල විෂයයන් ගැන දන්නවා. මට ලැබුණ විෂයයන්ගේ උක් කර්මාන්තය ලාභ ලබන තැනට ගෙනාවා. ගම්මිරිස් ක්‍ෂෙත්‍රය කඩාවැටිලා තිබුණේ. දැන් එය ගොඩ ගෙන මිලක් ස්ථායි කරලා තියනවා. කජු කර්මාන්තයත් එහෙමයි. වැඩ කරන්න පුළුවන් නම් ඇමති විෂයයේ ගැටලුවක් නෑ.

ඇමති විෂයයන් ගැන අඳෝනා තියන්නේ වැඩ කරන්න බැරි, වැඩ කරන්න දන්නේ නැති අය. කියව කියවා, විවේචන කර කර ඉන්න එපා. බැරි නම් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න. පුළුවන් කෙනෙකුට දෙයි. බෑ.. බෑ.. කිය කිය ඇමතිකමේ ඉන්නවා කියන්නේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්.”

ඊයේ (04) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස