පළාත් ආණ්ඩුකාරවරුන් ගණනාවකට ස්ථාන මාරු ලබාදීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ සමඟ පසුගියදා තනතුර අහිමි වූ හිටපු අමාත්‍ය නසීර් අහමඩ්ට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය පිරිනැමෙනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි. ඔහු මෙයට පෙර ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය දැරීය.
ඒ සමඟ නැගෙනහිර වත්මන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් ඌව පළාත් ආණ්ඩුකාර ධූරයටත් ඌව පළාතේ වත්මන් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් බස්නාහිර ආණ්ඩුකාර ධූරයටත් පත්කෙරෙනු ඇත.
දැනට බස්නාහිර ආණ්ඩුකාර ධූරය දරන හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකට තානාපති ධූරයක් හිමිවීමට ඉඩ ඇති බවද දැනගන්නට තිබේ. මෙම සියලු පත්වීම් සහ ස්ථාන මාරු ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇත.