ඇමැතිකම අතහරින්න සූදානම්…! ලිපි ලේඛන සූදානම් කරන්න…! ප්‍රබල ඇමැති සිය කාර්ය මණ්ඩලයට කියයි…!

November 5, 2021 at 8:38 am | by emanisa.lk

දේශපාලන තීන්දුවක් සදහා සූදානම් වන ලෙස ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය දැනුම්වත් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

මේ වන විටත් අදාල අමාත්‍යංශයේ යම් යම් වෙනස්කම් සිදුවෙමින් පවතින අතර, වාහන බාරදීම, කාර්යාල හා සෙසු කාරණා පැවැරීම වැනි කටයුතුවලට අදාල ලිපි සම්පාදනය කිරීමේ කටයුතුද සිදුවෙමින් පවතින බවට ද තොරතුරු වාර්තා වෙයි.

මෙතෙක් ඇමති ධූරයෙන් ඉවත් වීමක් සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර නැතත් එවැනි තත්ත්වයක් ඉදිරියේ දී ඇති විය හැකි බවයි අදාල ඇමැතිවරයා පවසා තිබෙන්නේ.

ඉදිරි දේශපාලන තත්ත්වයන් මත තමන් ඉක්මන් තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව ද එවැනි අවස්ථාවකට ලෑස්ති වී සිටිම ඉතා වැදගත් බව ද අදාල ඇමැතිවරයා සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *