ඇමැතිකමේ ඉඳන් ආණ්ඩුවට බනින්නේ කොන්ද පණ නැති එවුන්…! – සජිත්…

October 18, 2021 at 11:17 pm | by emanisa.lk

පිරිසක් ආණ්ඩුවේ සිට ආණ්ඩුව විවේචනය කරන බවත් ආණ්ඩුවේ ගමන වැරදි යැයි කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එසේ පැවසීම හොඳ වුවත් ආණ්ඩුව වැරදි නම් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු යැයි හෙතෙම පෙන්වා දෙයි.

ආණ්ඩුවේ සිටිමින් ඇමැතිකම් දරමින් ආණ්ඩුව විවේචනය කිරීම ලැජ්ජා නැති වැඩක් යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ආණ්ඩුව ෆේල් යැයි පිළිගන්නේ නම් කොන්දක් තිබේ නම් මැති ඇමැතිකම්වලින් ඉල්ලා අස්වී එළියට බැස ආණ්ඩුව විවේචනය කළ යුතු බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස