ඇමැතිකමින් අවු. 05ට මිලියන 75ක් වතකම්…! – විමල්ට අධිචෝදනා…

June 17, 2022 at 2:54 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා කියවීම අද (17) සිදු කෙරිණි.

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනුකර තිබේ.

විමල් වීරවංශ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ 2010-15 සමයේ දී ඇමැති ධුරයට අදාළ වැටුපෙන් සහ වෙනත් වත්කම්වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75කට අධික දේපල හිමිකාරීත්වයක් දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් මෙම නඩුව ගොනුකර තිබිණි.

අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර විමල් වීරවංශ සඳහන් කළේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවයි. නඩුවේ වැඩිදුර විභාගය කල් තබමින් ජුනි මස 28 වැනිදා නඩුව යළි කැඳවීමට මහාධිකරණය තීරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *