අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාව අද (16) පෙරවරුවේ අග්රාමාත්ය කාර්යාලයේ දී පැවැත්වී තිබේ.
ශ්රීලනිපය නියෝජනය කරමින් ඊට සහභාගී වී ඇත්තේ රංජිත් සියඹලාපිටිය සහ දයාසිරි ජයසේකර යන මන්ත්රීවරුන් පමණි.
ඒ ශ්රීලනිපයේ පස්දෙනෙකුට ඇමතිකම් හිමිවනු ඇති බවට රාවයක් පැතිර යන පසුබිමකය.
එහි දී ඔවුන් දැනුම් දී ඇත්තේ ඇමතිකම් ලබාදී සිය පක්ෂය දෙකඩ කර ආණ්ඩුවට මන්ත්රීවරුන් ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසයි. එසේ කළහොත් ආණ්ඩුවට වැඩිදුර යෑමට නොහැකි වනු ඇතැයි ඔවුන් ප්රකාශ කර ඇති බවත් සඳහන්.
ඒ අනුව ශ්රීලනිපය ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නොවී විපක්ෂයේ සිට ආණ්ඩුවේ හොඳ දේට සහාය ලබාදෙනු ඇති බව දයාසිරි ජයසේකර පවසා තිබේ.
සිය පක්ෂය ආණ්ඩුවට සහාය දෙන ආකාරය පිළිබඳ තීන්දු ගැනීමේ සම්පූර්ණ බලය මෛත්රීපාල සිරිසේන සතුවිය යුතු බවත් ඔහු අවධාරණය කර ඇත.