අද (09) පැවැත්වෙන විරෝධතාවය මේ ව්‍යසනය පරාජය කිරීමට මිසක් කිසිම කෙනෙකු රැක ගැනීමට නොවන බව ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
“අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හෙට දිනයේදී ගාලු මුවදොර ‘ගෝටා ගෝ ගම’ පරිශ්‍රය අවට සංවිධානය කර තිබූ දැවැන්ත ප්රජාතන්ත්රවාදී අරගලය කඩාකප්පල් කිරීම සඳහා අනීතිකව පනවන ලද පොලිස් ඇදිරි නීතිය මා දැඩිලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.
මා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි එතුමාගේ ආණ්ඩුවට එක්වූයේ ජනතා අභිලාෂයන්ගෙන් බිඳක් හෝ මාහට මේ මොහොතේ කළ හැකිනම් ඒ කාර්යය කිරීම වෙනුවෙන් පමණි.
එනම්, මේ ව්‍යසනය පරාජය කිරීමට මිසක් කිසිම කෙනෙකු රැක ගැනීමට නොවේ.
අපි එක්ව අරගලය ජයග්‍රහණය කරමු. එලෙසම ව්‍යසනයද පරාජය කරමු” යි සිය FB හී සටහනක් තබමින් අමාත්‍යවරයා පවසයි.