ඇමරිකාවේ දී ගෝඨාට සිතාසි භාර දෙයි! මෙන්න ඡායාරූප!

April 9, 2019 at 12:18 pm | by admin

හිටු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ පවරා ඇති නඩුවකට සම්බන්ධ සිතාසිය කාන්තාවක විසින් ඔහුට භාර දී තිබේ.

ඇමරිකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය නැමැති නම් රාජ්‍ය නොවන සංවිධානයක් කැනඩාවේ වාසය කරන දෙමළ පුරවැසියකු යොදා ගෙන මෙම නඩුව පනවා ඇතැයි වාර්තා වෙයි.

අදාළ ඡායාරූපය සහිත විස්තරය සඳහන් වාර්තාවේ බීබීසී සිංහල සේවයේ වාර්තාකරු වන අසාන් අමීන් ටැග් කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙහි war criminal යනුවෙන් හෑෂ් ටැග් යෙදීම විශේෂිතය. එසේම සිතාසි භාර දීම පවසන ඡායාරූපයේ කිසිදු නිල ඇඳුමකින් සැරසුණු නිලධාරියකු නොසිටීම ද දැකිය හැකිය.

මෙම නඩු පැවරීම පිටුපස දකුණු පළාත නියෝජනය කරන ඇමරිකාව සහ දෙමළ ඩයස්පෝරාව සමග සබඳතා ඇති ප්‍රබල ඇමතිවරයකු සිටින බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *