ඇමරිකාවෙන් ලංකා ආර්ථිකයට තල්ලුවක්…! ඩොලර් බිලියන 04ක් ආයෝජනයට සූදානම්…!

July 17, 2021 at 11:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 04ක ආයෝජන සඳහා ඇමරිකානු රජයේ එකඟතාව පලවී ඇතයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

එහි දී විදුලිබල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් බිලියනයක් ද ලංකාවට ගෙනෙන බොරතෙල් පිරිපහදු කිරීමේ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 03ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත බව පැවසේ.

බොරතෙල් ගෙනවිත් පිහිපහදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් ලංකාවේ නොමැති තත්ත්වයක බොරතෙල් වෙනුවට මිල අධික පිරිපහදු කළ තෙල් ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇත.

මේ වන විට ලංකාවේ තෙල් අවශ්‍යතාවෙන් 25%ක් ශ්‍රී ලංකාවේ පිරිපහදු කරන අතර ඉතිරි 75% සපුරා ගන්නේ පිරිපහදු කළ තෙල් ආනයනයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *