ඇමති සාගල නෑ කී රට දෙකඩ කරන ඇමරිකානු එන්ජීඕව අගමැති මැදුරේ! විමල් ලිපි ශීර්ෂ උපුටා දක්වා සාගලගේ අමුඩේ කඩයි! (video)

April 1, 2019 at 10:47 am | by admin

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මිලේනියම් කෝපර්රේෂන් නම් ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානය අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වන බවට චෝදනා කළේය. රටේ භූමිය උතුරු දකුණු ලෙස වෙන් කරමින් කොළඹ සිට තිරිකුණාමලයට ආර්ථික කොරිඩාවක් තැනීම පිටුපස සිටින්නේ එම සංවිධානයයි.

එවැනි සංවිධානයක කාර්යාලයක් අරලියගහමන්දිරයේ නැතැයි ද හැකි නම් එය ඔප්පු කරන්න යැයි ද ඇමති සාගල රත්නායක අභියෝග කළ අතර විමල් වීරවංශ මෙහිදී අගමැති ලිපි ශීර්ෂයක් උපුටා දක්වමින් එම ආයතනය අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වන බව නැවත සනාථ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *