ඇමති සජිත් කෝටි 120ක් වංචා කරලා! අගමැති නියමයෙන් පරීක්ෂණ ඇරඹෙයි!

August 28, 2019 at 10:19 am | by emanisa.lk

ඇමැති සජිත් ප්‍රේමදාස යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් කෝටි 120ක පමණ මුදලක් අතුරුදන්ව ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ කමිටුවක් පත් කර ඇත.

කැබිනට් මණ්ඩලයට පෙරාතුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ඇමැති රවි කරුණානායක විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ විශාල මුදල් ප්‍රමාණයක් අතුරුදහන්ව ඇති බවට කරුණු හෙළිකර ඇති අතර අගමැතිවරයා විසින් ගෙන ඇත්තේ එම කරුණු දැක්වීමෙන් අනතුරුවය.

එම කමිටුවේ ප්‍රධානත්වයට පත්කර ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකය.

ඇමැති සජිත් ප්‍රේමදාස තම ප්‍රචාරක කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අති විශාල මුදලක් අවභාවිත කර ඇති බවට විපක්ෂය චෝදනා කළේය.

පොදු දේපළ අවභාවිතා කිරීමේ චෝදනා එල්ල වූ විපක්‍ෂ දේශපාලඥයන් ගණනාවක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාරගත කළ අතර ඇමති සජිත් ප්‍රේමදාසට ද එල්ල වී ඇත්තේ එම චෝදනාවමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස