ඇමති විමල්ගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු!

July 21, 2020 at 11:45 am | by emanisa.lk

අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී විරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) වරෙන්තුවක් නිකුත් කරන ලදී.

ඇය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇත.

විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ව්‍යාජ නමක් සහ වයසක් යොදා ගැනීම සම්බන්ධයෙන් ඇයට චෝදනා නැඟී තිබේ.

කෙසේ නමුත් ඈ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයා සඳහන් කළේ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දිනයේ අධිකරණයට නොපැමිණි බවයි.

නමුත් ඊට අදාළ වාර්තා වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස