සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාරගෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.
මන්ත‍්‍රීවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට අපහාසයක් වූයේ යැයි අමාත්‍යවරයා එම ලිපිය මගින් කියා සිටියි.
තමන් කෝටි පහක පමණ වටිනාකමින් යුත් නිවසක් මිල දී ඇති බවට මන්ත්‍රීවරයා විසින් මැතිවරණ රැස්වීමකදී ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා තමන්ගේ කීර්ති නාමයට බරපතළ හානියක් සිදුවී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
අදාළ මුදල දින 14ක කාලයක් තුළ ගෙවිය යුතු බවත් එසේ නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා එකී මුදල අය කරගැනීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් දැනුම් දී ඇත.