ඇමති රිෂාඩ් පුත්තලමේ සිට මන්නාරමට ඡන්දදායකයන් අදී! ලංගම බස් රථ 200ක් වෙන්කර ගනී! පිරිස පුත්තලමේ සහ මන්නාරමේ දෙවරක් ඡන්දය දෙන බවට චෝදනා!

November 16, 2019 at 12:09 pm | by emanisa.lk

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් විසින් පුත්තලමේ පදිංචි පිරිස් ජන්දය භාවිත කිරීම සඳහා මන්නාරමට ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනයට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරිවරයාට ඊයේ ( 15) දින රාත්‍රියේ පැමිණිලි කළේය.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ වන විට පුත්තලමේ පදිංචි සිටින ඡන්ද දායකයන් මන්නාරමට ජන්දය භාවිත කිරීමට රැගෙන යාමට කටයුතු කර ඇති බව සනත් නිශාන්ත චෝදනා කරයි .

මෙම සිද්ධිය පැමිණිලි කිරීමත් සමග පුත්තලම ඩිපෝව හා අවට ප්‍රදේශ රැසකට පොලිස් ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබුණි.

මෙම පිරිස පුත්තලමේ මෙන්ම මන්නාරමේ ද ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වී දෙවරක් ඡන්දය භාවිත කරන බවට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස