ඇමති රාජිත කියන්නේ බොරු! කිසිම දේශපාලකයෙක් තමා සමග මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ අපරාධ කළ බවත් මදූෂ් කියලා නෑ!-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

July 4, 2019 at 11:28 pm | by emanisa.lk

අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදූෂ් සිය හෙරොයින් ජාවාරමට හෝ අපරාධ සඳහා කිසිම ප්‍රසිද්ධ පුද්ගලයකු සම්බන්ධ බවට කිසිම තොරතුරක් හෙළිකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.

එවැනි කරුණක් අනාවරණය වූයේ නම් එය අධිකරණයට දැනුම් දෙන බවත් අදාළ පුද්ගලයන් පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

කෙසේ වුවද ඇමති රාජිත සේනාරත්න පසුගියදා ප්‍රකාශ කළේ මාකඳුරේ මදූෂ් සමග සබඳතා පැවැත් වූ දේශපාලකයන් හත් දෙනෙකු පිළිබඳ හෙළිකර ඇති බවත් ඒ අතරින් හතර දෙනෙකු ආණ්ඩු පක්ෂය ද තිදෙනෙකු විපක්ෂය ද නියෝජනය කරන බවත්ය.

මේ අතර විමල් වීරවංශගේ ගෝලයකු සිටින බවත් පසුගිය සමයේ රටේ කුඩු ජාවාරම සිදුකර ඇත්තේ ඔවුන් නිසා ළඟදීම හිරේ යනු ඇති බවත් හෙතෙම හෙළිදරව් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස