ඇමති රවීගෙන් ඛණිජ තෙල් නළ ව්‍යාපෘතියකට බාධා! පැය 48කින් විසඳුම් නැතොත් විදුලිබල මණ්ඩලයට තෙල් දෙන්නේ නෑ! – එජාප වෘත්තී සමිති

June 27, 2019 at 11:09 am | by emanisa.lk

කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා දිවෙන තෙල් නළ එලීමේ ව්‍යාපෘතියකට අමාත්‍ය රවී කරුණානායක බාධා කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරයි. එම ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට තවත් ඇත්තේ මීටර් 140ක පමණ දුරකට තෙල් නල එලීමට පමණක් වන අතර එහි පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට ඉඩ නොදෙමින් ඇමතිවරයා මේ ආකාරයට බලපෑම් කරන බව එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.

අමාත්‍යවරයාගේ බාධා හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නතර වී ඇති අතර එය ඉතා අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් බැවින් එය අවසන් කිරීමට ඉඩ නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති සමික අසිතංජ පැවසුවේය.

ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අදාළ පිරිසට වන්දි මුදල් දැනටමත් පිරිනමා ඇති බවත් මේ වනවිට පැන නැගී ඇති ගැටළුවට විසඳුමක් නොලැබෙන්නේ නම් පැය 48කින් පසු විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කිරීමට කටයුතු කරන බවත් අවධාරණය කරයි. ඇමති රවී කරුණානායක පවසන්නේ තමන්ගේ ඡන්දදායකයන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් ඔවුන්ට සාධාරණය ඉටු විය යුතු බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස