ඇමති මණ්ඩලය වැඩි කිරීමට එරෙහිව ඇමති පාඨලි එළියට?

February 5, 2019 at 2:15 pm | by admin

2014 වසරේ ජාතික හෙළ උරුමය ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 25 දක්වාත් නියෝජ්‍ය ඇමති ධුර ගණන 35 දක්වාත් අඩු කිරීම ඇතුළු යෝජනාවලියක් එවක රාජපක්ෂ ආණ්ඩුවට ඉදිරිපත් කළ බවත් ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇමති ප.ච. රණවක ඇතුළු ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කරයි.

එහෙයින් ඇමති ධුර ගණන 45ක් දක්වා වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන එනු ලබන ජාතික ආණ්ඩු යෝජනාවට ද ප.ච. රණවක විරුද්ධ වී ආණ්ඩුව අතහැර විපක්ෂයට එකතු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *