ඇමති මණ්ඩලය ව්‍යවස්ථානුකූලව වැඩි කරන විට විවේචනය වැරදියි! රාජපක්ෂලා එහෙම කළේ ව්‍යවස්ථානුකූලව නෙමේ!

February 4, 2019 at 9:11 am | by admin

ජාතික ආණ්ඩුවක් පිහිටුවා, ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනා කෙළේ රට ගොඩනැගිමට අවංකවම එකඟ සියලු දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහභාගී කර ගැනීමේ අරමුණින් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරලීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම, ජනතා පරමාධිපත්‍ය සුරැකීම හා අන්තවාදය පිටුදැකීම පිළිගන්නා සියලු පාර්ශව සඳහා ශක්තිමත් ආණ්ඩුවක් ස්ථාපිත කරලීමේ අවශ්‍යතාව පිළිගන්නා සියලු පාර්ශවයන්ට මේ ජාතික ආණ්ඩුව සමඟ එක්විය හැකි ය.

ජාතික ආණ්ඩුව පිහිටුවා ඇමැතිධූර සංඛ්‍යාව වැඩි කරලීමේ යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙළේ ව්‍යවස්ථාවට අනුකූලවයි. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිතුමතේට තම ඇමැති මණ්ඩලය 60 දක්වා වැඩිකර ගැනීමට එදා කටයුතු කෙළේ ව්‍යවස්ථාව හෝ පාර්ලිමේන්තුව නොසලකා හරිමිනි.

එම අත්තනෝමතික ක්‍රමවේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළින් අප වෙනස් කළා. ඒ අනුව ඇමැති මණ්ඩලය වැඩි කර ගන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි. එලෙස අප ඇති කරන ලද ප්‍රජාතන්තවාදී ක්‍රමවේදයට අනුව ව්‍යවස්ථානුකූලව ඇමැති මණ්ඩලය වැඩි කර ගැනීමට පියවර ගෙන තිබෙන මේ අවස්ථාවේ කලබල වී විවේචනාත්මක අදහස් පළ කරන පිරිස් වෙතින් අප ඉල්ලා සිටින්නේ එදා මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථා විරෝධී ලෙස ඇමැති මණ්ඩලය අසීමිත ලෙස වැඩිකරගත් අවස්ථාවේ තමන් කළ කී දෑ යළි සිහිපත් කර බලන ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස