ඇමති බදියුදීන් අන්තවාදයට කිරිපෙවූ හැටි මෙන්න! නීතීඥ හිජාස් හිස්බුල්ලාට දවසකට 256 දාහ ගාණේ රජයේ මුදල් ගෙවලා! (video)

May 15, 2020 at 3:32 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් විශාල වශයෙන් යොදා ගෙන ඇති බව මොහොමඩ් මුසාම්මිල් පවසයි.

බදියුදීන් සිය අමාත්‍යංශය යටතේ පැවති ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නඩු කටයුතු වෙනුවෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලාට දිනකට රු. රු. 256 000ක් ගෙවා ඇති බවට ද හෙතෙම චෝදනා කරයි.

ඒ අදාළ ආයතනයෙහි නඩුුු කටයුතු සඳහා වෙනම නීති අංශයක් මහජන මුදලින් පවත්වා ගෙන යන අතරය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට හිජාස් හිස්බුල්ලා සහ රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා පසුගියදා අත්අඩංගුවට පත්⁣ වූහ.

පාස්කු ප්‍රහාරයේ දී මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් සහෝදරයන් සමග හිස්බුල්ලා ෂරියා පාසලක් පවත්වා ගෙන ගොස් තිබූ අතර එහිදී දරුවන්ට අන්තවාදය ද ආයුධ පුහුණුව ද ලබා දුන් බව හෙළි වී තිබේ.

අන්තවාදී සැකකරු හිජාස් හිස්බුල්ලාට රිෂාඩ් බදූර්දීන් අමාත්‍යාංශයෙන් මුදල් ගෙවලා

Posted by Mohomed Muzamil on Friday, May 15, 2020

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස