ඇමති බදියුදීන්ගේ සොහොයුරාත් නීතිය අතට ගනී! ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කර යකා නටයි!

May 21, 2019 at 12:45 pm | by admin

නිත්‍යානුකූල බලපත්‍රයක් ඇතිව මන්නාරම ප්‍රදේශයේ ගොඩවැලි විකිණීමේ යෙදෙන පුද්ගලයකුට මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදියුදීන් තර්ජනය කළ බවට මන්නාරම පොලිසියට පැමිණිලි කර තිබේ. මේ සභාපතිවරයා ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකි.

තම බල ප්‍රදේශයේ ගොඩවැලි විකිණීමට තමාගෙන් අවසර ගත යුතු බවත් එසේ නොමැතිව සිදුකරන මෙම කටයුතු වහාම නතර කළ යුතු බවත් ඇමති බදියුදීන්ගේ සොහොයුරා ව්‍යාපාරිකයාට තර්ජනය කර තිබේ.

කෙසේ වුවද භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පවසන්නේ අදාළ ව්‍යාපාරය නිත්‍යානුකූල බවත් ඒ සඳහා බලපත් නිකුත් කරන්නේ තමන් නිසා ඊට බලපෑම් කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස