ඇමති බද්යුදීන්ට එරෙහිව ඉදිරිපත් කළ එක චෝදනාවක් හරි ඔප්පු කළොත් මම විශ්වාසභංගයට පක්ෂ වෙනවා! – හේෂා විතානගේ

May 17, 2019 at 11:03 pm | by admin

ඒකාබද්ධ විපක්ෂය විසින් ඇමති රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ චෝදනාව පිළිබඳ තමන් වැඩිපුර යමක් නොදන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

කෙසේ වුවද ඇමතිවරයාට එරෙහිව එල්ල වී ඇති එක් චෝදනාවක් හෝ ඔප්පු කරගත හැකි නම් තම ආණ්ඩුව කෙතරම් අවධානමකට පත්වුවද ඔහුට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව මන්ත්‍රිවරයා අවධාරණය කරයි.

මේ අතර විශ්වාසභංගයේ සඳහන් මුල්ම චෝදනාව වන පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට ඇමති රිෂාඩ් බද්යුදීන් තමාගේ උදව් ඉල්ලා සිටි බව හමුදාපති මහේෂ් සේනානායක නැවත සනාථ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස