ඇමති පාඨලී ඊළඟ කරනමට සූදානම්! හෙළ අරුමය අතහැර එජාපයට පනී!

November 23, 2019 at 9:45 am | by emanisa.lk

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හිටපු ඇමති පාඨලි චම්පක රණවක එම පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

මේ අනුව ප්‍රධාන ධාරාවේ දේශපාලනයක නිරත වීම සඳහා පාඨලි චම්පක සිය පක්ෂයෙන් මුදා හරින බවට ජාතික හෙළ උරුම දේශපාලන මණ්ඩලය ලවා නුදුරේදීම ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.

2015 ජනාධිපතිවරණ සමයේ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය නායකයා ලෙස සිටි උදය ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමය නමින් එම පක්ෂයේ කොටසක් සමග වෙන්ව ගියේය. පසුගිය ජනාධිපතිවරණ සමයේ හෙළ උරුමයේ කොටස් දෙකක් අවස්ථා දෙකක දී ගැලවී ගියේ එම පක්ෂය එජාප අපෙක්ෂකයාට සහාය ලබා දීමට ගත් තීන්දුවට විරෝධය පළකරමිනි.

මේ වන විට ජාතික හෙළ උරුමය යනු පැරණි වාමාංශික පක්ෂ වැනි බෝඩ් ලෑල්ලකට සීමා වූ පක්ෂයක් පමණක් බවත් පාඨලි රණවක එජාපයට එකතු වන්නේ ඒ හැර වෙන විකල්පයක් නොමැති නිසා බවත් දේශපාලන විචාරකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස