ඇමති නොදැන අරක්කු බාර් ලයිසන් ලබා දෙන්න බෑ! බාර් ලයිසන් 84ක් ලබා දීමට මංගල වගකිව යුතුයි! – රංජන්

September 17, 2019 at 11:39 am | by emanisa.lk

පසුගිය වසර දෙක තුළ සුරාසැල් බලපත්‍ර 84ක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර වගකීම භාරගත යුතු බව රාජ්‍ය ඇමති රංජන් රාමනායක පවසයි.

ඇමති මංගල සමරවීර නොදැන සුරාසැල් බලපත්‍ර ලබාදීමේ හැකියාවක් නොමැති බවත් එම වගකීමෙන් ඇමතිවරයාට මිදීමේ හැකියාවක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

එසේම මෙම සුරාසැල් බලපත්‍ර එම බලපත්‍ර හිමි පුද්ගලයින්ගේ නමට ලියාපදිංචි කර නොමැති බවත් ඔවුන්ගේ සමීපතමයන්ගේ නම්වලින් ලියාපදිංචි කර ඇති බවත් ඇමතිවරයා හෙළි කළේය.

ඊයේ (16) පැවති නඩු කටයුත්තක් සඳහා උසාවියට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *