ඇමති ක්‍රිෂාන්ත අබේසේනගේ නිල රථය හැපේ… සූර් පිට රිය පදවා ඇත්තේ මාලිමා පුංචි මන්ත්‍රී…?

June 9, 2025 at 5:57 pm | by emanisa.lk

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ නිල කැබ් රථය ඊයේ (08) රාත්‍රී ජා ඇළ ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබේ.

අධික වේගයෙන් පැමිණි කැබ් රථය වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ඇති අතර අනතුරු සිදුවන අවස්ථාවේ ඇමතිවරයා රථයේ සිට නොමැත.

ජා ඇළ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකු මෙම රථය පදවා ගෙන පැමිණ ඇති අතර ඔහු සාදකට සහභාගී වී බීමත්ව සිට ඇතැයි සමාජ මාධ්‍ය චෝදනා කරයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇමතිවරයා චීන සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටුපළට රැගෙන ගොස් පැමිණිමෙන් තිබූ රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *