ඇමති ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි!

May 26, 2020 at 9:22 pm | by emanisa.lk

ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් (55) අභාප්‍රාප්ත විය. හෙතෙම ලංකා වතු කම්කරු කොංග්‍රසයේ නායකයා ද විය.

හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළු කළ ඇමතිවරයා එහිදී අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ආරුමුගම් තොණ්ඩමන් ආණ්ඩු ගණනාවක කැබිනට් ඇමති ධුර ගණනාවක් හෙබ වූ දේශපාලනඥයෙකි.

ලංකාවේ විධායක ජනාධිපති ධුරයට සියලු බලතල තිබිය යුතු අතර එය සුළු ජාතිකයන්ට ද වාසිදායකය යන මතය හෙතෙම දැරුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස