පසුගිය ආණ්ඩු සමයන්හි මෙරටට පැමිණි දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු අයෝජකයන්ගෙන් හිටපු ඇමැතිවරුන් කප්පම් මුදල් ඉල්ලීම නිසා ඔවුන් එම ආයෝජන ඉන්දියාවට හා වියට්නාමයට රැගෙන ගිය බව තානාපතිවරු දෙදෙනෙක් විදේශ අමාත්‍ය විජිත හේරත්ට නිල වශයෙන් පැමිණිලි කර තිබේ.
පසුගියදා විදේශ අමාත්‍යවරයා හමුවූ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටිවන් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.
මෙහිදී දකුණු කොරියානු තානාපතිවරයා වැඩි දුරටත් කියා තිබුණේ මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපොළට ඉන්ධන නළ මගින් ගෙන යාමට කැඳවන ලද විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසරය නොදුන් බවය.