ඇමතිලා රස්සා ටික වික්ෂයට විකුණලා! මම සිරිකොත ළඟ උපවාසයක් කරනවා! ඊට පස්සේ 2/3 එජාප ආණ්ඩුවක් හදනවා!

February 19, 2019 at 5:20 pm | by admin

ඇමැතිවරු මට රැකියා දෙන්නේ නැහැ. ඒ නිසා පාක්ෂිකයන්ට සලකන්න විදිහක් නැහැ. ලැබුණු රැකියා හරියට බෙදුවා නම් කළුතර රැකියා ප්‍රශ්නය ඉවරයි. විපක්ෂයට වැඩ කරපු අයට රැකියා මුදලට විකුණලා කියලා මට ආරංචියි. මම පාක්ෂියකුට රැකියාවක් ගන්න ලිපියක් දුන්නම එතැන වැඩේ වෙන්නේ සල්ලිවලට. මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (17දා) පොතුපිටිය උතුර එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ ශාඛා සමිතිය පිහිටුවීම සඳහා පැවැති රැස්වීමක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින්, අද තියෙන්නේ නූලෙන් ගැටගහගන්න එල්ලෙන ආණ්ඩුවක්. එන මහ මැතිවරණයේදී මොන විදිහෙන් හරි 2/3 ආණ්ඩුවක් හදන්න වෙනවා යි පැවසීය.

එහිදී පිරිස අමතමින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගාමිණී ගුණසිංහ මහතා, අපිට පාක්ෂිකයන්ට මුහුණ දෙන්න බැහැ. පාක්ෂිකයන් ඉන්නේ පක්ෂය පිළිබඳ දැඩි කලකිරීමෙන්. ප්‍රධාන හේතුව සන්ධාන ගහලා ආණ්ඩු හැදිමයි. මම ඉදිරියේදී මේ සියලු තනතුරුවලන් ඈත් වෙනවා යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් එජාප සම්බන්ධීකාරක ඉන්දික ගාල්ලගේ සහ පාක්ෂිකයන් පිරිසක් සහභාගි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *