ඇමතිලගේ ගෙවල් ගිනි තිබ්බේ මැයි 09ට කලින්.. අරගලයට පහර දීමත් කුමන්ත්‍රණයක්…! – නාමල්…

February 11, 2025 at 11:58 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගාලු මුවදොර අරගලයට පහර දීමේ කතාව ප්‍රබන්ධයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

“ගෝල්ෆේස් අරගලයට අපේ ආධාරකරුවන් පහර දුන් කතාව සම්පූර්ණයෙන් ගොතපු කතාවක්. දැනට අධිකරණෙත් නඩුවක් යන නිසා මම ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න සූදානම් නෑ.

ගෝඨාභය රාජපක්ෂගේ ගෙදරට ගැහුවේ මාර්තු 31 වෙනිදා. කාංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ, රොෂාන් රණසිංහ ඇමැතිවරුන්ගේ ගෙවල්වලට ගැහුවේ අප්‍රේල්. එතකොට මැයි 09ක් ඇවිත් නෑ. මැයි 09 සිදුවීම යම් පිරිසක් මෙහෙයව්වා. ඒ අපේ ආපු කණ්ඩායම නෙමෙයි. සියල්ල ඉදිරියේදී අනාවරණය වෙයි.

මැති ඇමතිවරුන්ගේ නිවාස හානි වන්දිය ගැන අහන්න ඕන රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන්. ඒ සියල්ල රජයේ විගණකාධිපති තහවුරු කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂගේ නිල නිවස වගේම හානි වූ මන්ත්‍රී නිවාසත් තක්සේරු කළේ තක්සේරු දෙපාර්තමේන්තුව.

ඒ අය කලින් ආණ්ඩුවේ ඇමතිලගේ බලපෑම් මත වැඩිපුර වන්දි තක්සේරු කළා කියලා ඇමති නලින්ද ජයතිස්ස චෝදනා කරනවා නම් වර්තමාන ආණ්ඩුවේ ඇමතිලගේ බලපෑම් මත මහින්ද රාජපක්ෂගේ ගේ වැඩි මිලකට තක්සේරු කළා කියලාත් චෝදනා කරන්න පුළුවන්.”

නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ, හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස