ඇමතිනි විජයකලාට සහ මන්ත්‍රී ශ්‍රීධරන්ට එරෙහිව කිලිනොච්චියේ විරෝධතාවක්!

June 22, 2019 at 7:55 am | by emanisa.lk

කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ සමෘද්ධි නිලධාරීහු පෙරේදා (20 දා) කිළිනොච්චිය නගරයේදී විරෝධතාවක නිරත වූහ.

ඒ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසින් සිදු කරනු ලැබූ බව කියන ප්‍රකාශයකට විරෝධය පල කිරීම සඳහාය.

විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ අමාත්‍යවරිය හා මන්ත්‍රීවරයා විසින් නව සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ අවස්‌ථාවකට සහභාගී වෙමින් සමෘද්ධි නිලධාරීන් බහුතරයක්‌ එම රැකියාවට නුසුදුසු බව ප්‍රතිලාභීන් ඉදිරියේ ප්‍රකාශ කළ බවයි.

ඒ අනුව ඊට විරෝධය පල කිරීම සඳහා මෙසේ එම නිලධාරීන් විරෝධතා පෙළපාලියක්‌ සංවිධානය කොට තිබිණි. ඔවුන් එහිදී අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කරන ලදී.

ආණ්ඩුවේ සමෘද්ධි ප්‍රදානය කිරීමේ වැඩසටහන සඳහා විපක්ෂය නියෝජනය කරන බව කියන දෙමළ ජාතික සන්ධානයේ ශ්‍රීධරන් සහභාගී වීම මෙන්ම එහි දී දේශනයක් ද පැවැත්වීම විශේෂත්වයකි. එවැනි අවස්ථාවක් රටේ වෙනත් ප්‍රදේශවල විපක්ෂ කණ්ඩායම්වලට ලැබී තිබෙනු දක්නට නොලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව