ඇමතිකම් වැඩි කරන යෝජනාව හකුළාගනු! නැත්නම් පරාජය වීමට සූදානම් වනු!

February 7, 2019 at 2:18 am | by admin

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හැර සෙසු සියලු පක්ෂ ඇමතිවරු වැඩි කරන යෝජනාවට විරුද්ධව තිබියදී අද (07) දින එම යෝජනාව සාකච්ඡාවට ගැනීමට තීන්දු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස තමන් ආණ්ඩුවට අවධාරණය කරන බව හෙතෙම ප්‍රකාශ කළේය. එසේම මෙම යෝජනාව පරාජය කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට එක පෙරමුණකට එකතු වන ලෙස ද ජනතා විමුක්ති පෙරමුණු නායකයා ආරාධනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස