ඇමතිකම් වැඩි කරන්න ඕන නෑ! පිරිසක් ඉල්ලා අස්වෙලා අවශ්‍ය අයට ඇමතිකම් දෙන්න!

February 10, 2019 at 10:54 am | by admin

ඇමතිධූර ඉහළ නංවා ගැනීම සඳහා ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ වැදගත්කමක් නොමැති බව අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ සෙසු අය ඉල්ලා අස්වීමෙන් අමාත්‍යධුර අවශ්‍ය තැනැත්තන්ට ඒවා ලබාදීම වඩාත් යෝග්‍ය බවයි. ඇමති ධුර වැඩි කිරීම පිළිබඳ ජනතාව තුළ ඇත්තේ යහපත් ආකල්පයක් නොවන බව හෙතෙම පවසයි.

එසේ නමුත් එමඟින් ජාතික ආණ්ඩුවක් සෑදිය නොයුතුය යන්න තමන් නොපවසන බවත් ශක්තිමත් ආණ්ඩුවක අවශ්‍යතාවය පවතින බවත් එම වෙනස තේරුම් ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *