ඇමතිකම් නැතිව තවත් නම් ඉන්න බෑ! මසක් ගෙවෙන්නත් පෙර දෙදෙනෙක් යළි දිවුරයි!

June 19, 2019 at 11:58 am | by emanisa.lk

පසුගියදා ඉල්ලා අස් වූ ඇමතිවරුන් නවදෙනා අතරින් දෙදෙනෙකු අද (19) දිවුරුම් දී තිබේ. ඒ එජාප සභාපති කබීර් හෂීම් සහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී අබ්දුල හලීම්ය.

මේ දෙදෙනාම කෑගල්ල සහ මහනුවර යන බහුතර සිංහලයන් ජීවත් වන ප්‍රදේශ නියෝජනය එජාප මන්ත්‍රීවරුන් වීම කිරීම විශේෂත්වයකි.

පසුගිය 03 වෙනිදා අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් තබමින් ඉල්ලා අස්වූ මෙම පිරිස එහිදී ප්‍රකාශ කළේ මසක් ඇතුළත තම පිරිසක් වෙත එල්ල වී ඇති චෝදනා පිළිබඳ පරීක්ෂණ නිමා කළ යුතු බවය.

එක් අයකුට එල්ල වූ චෝදනා හමුවේ සියලු දෙනා ඉල්ලා අස්වීම බොහෝ පාර්ශවවල විවේචනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස